Skip to main content

ලංකාපුර කදුකරයේ යක්ඛ ගෝත්‍රික ජනාවාස

කඳුවැටි ආශ්‍රිතව ගොඩ නැගූ එකල ශිෂ්ඨාචාර පිලිබදව සාකච්චාකරණ විට ඒය ප්‍රාග් ඓයිතිහාසික යුගය තෙක් දිව යන බව පැහැදිලි වෙයි.
එ තුලින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ පිදුරුතලාගල, කිකිලියාමාන හක්ගල හා මහ කුඩුගල මාතලේ, රත්නපුරය, මහනුවර රජධානින් උස් ගිනි ශිඛර වල පැතිර තිබූ බවට ඉපැරෙණි මූලශ්‍ර වලින් කියවේ.මේ ප්‍රදේශයට අයත් දේවගිරිය , සහ දාස්ගිරිය ආදී ඉපැරෙණි ගම්වල ඈත අතීතයේ යක්ෂ හා දේව ගෝත්‍රිකයන් විසූ බවට සාක්ෂි හමුවී ඇත.
මේ ලංකාපුරය සීගිරිය දක්වා විහිදී ගිය අතර පසු කලෙක රාවණා රජු සිය අග්‍ර මාලිගය ලෙසද ප්‍රයෝජනයට ගෙන ඇත්තේද මෙම සිංහ ගිරි පර්වතයයි.(සීගිරිය පිලිබදව දීර්ඝ ලිපියක් ඉදිරියේදී අප ඔබ වෙත ගෙන එන්නෙමු ).මෙහි සුවිශේෂි කොටස නම් ලග්ගල ප්‍රදේශයත් මේ සදහා සාක්කි දැරීමයි
,සීගිරියේ සිට ලග්ගල වෙත ඇත්තේ ගුවන් සැතපුම් කිහිපයකි.මෙය එකල මහ රජතුමන් ගමනා ගමනය සදහා දඩුමොණර යාන්ත්‍රනය භාවිතා කිරීම නිසා අප මෙය ගුවන් සැතපුම් වලින් සදහන් කලෙමු.
ලග්ගල කඳු වැටිය

මේ ප්‍රදේශය ඈත අතීතයේ ආදිවාසීන්ගේ ගේ රජ දහනකි,සෙල්ලිපි වල "ලක"ඇතැම් වංශ කතාවලද නිශාද , ශඛර , ව්‍යාධ , මිලඛ ,කිරාත සිංහලයේ මලද , මිලිදු , සබර නමින් දැක්වෙන්නේ අන් කිසිම ජන සමූහයක් නොව හෙලදිව පුරාණ යක්ෂ ගෝත්‍රකයන් බැවු ශ්‍රී ලංකා ඉතිහාසය ගැඹුරින්ම පර්යේෂණයට ලක් කරන විට මැනවින් පෙනී යන සත්‍යකි.
මේ යක්ශ ගෝත්‍රික ජනතාව බෙහෙවින් වාසය කලේ ලග්ගල,මිනිපේ,හදගනාව,බින්තැන්න ප්‍රදේශ වලය.
බුද්ධාගමනයෙන් පසු ඉතිරිවු ලංකාවේ යක්ෂ ගෝත්‍රයකයින් ලග්ගල සහ බින් තැන්නේ ලොග්ගල පදිංචි විසූ බව රාජාවලිය ග්‍රන්තයේ සදහන් වේ.
ලග්ගල රාවණ අඩවියේ යක්ඛ ගෝත්‍රයේ ආදි හෙලයන්ගේ මූලස්ථානයක් ලෙසද හැදින්වීමට පැහැදිලි මූලාශ්‍ර ලැබී ඇත.ඒ මගින් හෙලි කරගන්න්නා ලද සමහර පරම්පරාද අද සමාජයේ ඇත. මාරක මුදියන්සේලාගේ,යහන්ගල මුදියන්සේලාගේ, ආදී එයින් පසු කලීනව ජන සමාජ තුලට ගැබ් වෙන්නා වු පැරණි නාම කරණයන් මෙයට උදාහණ ලෙස ගෙන හැර දැක්විය හැකිය. රාම රාවණා සටනේ එක් පියවරක් රණමුරයේදී සිදු වී ඇත.
ලකේගල අසල ද රාවණයිගේමාලිගාවක් තිබුණ බවත් ඒ පෙදෙස අද දක්වා " මාලිගාතැන්න " නමින් හදුන්වන බවත් ජනශ්‍රැතිය අනුව මෙන්ම ලිඛ්ත සාක්ෂි අනුවද කිව හැකිය.
මහ මුරය හෙවත් " මි මුරය " අසලද රාවණා කොටුව නමින් ප්‍රදේශයක් ඇත.යක්ෂ හා රාක්ෂ යනු එකම ජන වර්ගයට අයත් ශේණි දෙකකි, යක්ෂ ගෝත්‍රක රාවණා රජු බෙහෙවින් ජීවත් වුයේ මේ ලග්ගල හා සීගිරිය ප්‍රදේශ තුලය .අවුරුදු 5000 පෙර යුගයක හෙල බසින් අපමණ සක්ශි පුරාණ සෙල්ලිපි යක්ඛ මිනිසුන් විසින් සාක්ශි සහිතව ඉතිරි කල ගියද ඇතැමුන් විසින් ඒවා විනාෂ කර දැමීම මගින් අපට අයත්ව තිබූ මහා දැනුම් සම්භාරයක සුල මුලද අදටත් අපට අහිමි වීමටහේතු විය.
තොරතුරු සපයා ගැනීම-මහාචාර්‍ය මිරෙන්ඩෝ ඔබේසේකර මහතාගේ ග්‍රන්ථ පරිශීලනය තුලින්.
 Rawana (@rawana.kin) Facebook පිටුවෙන් උපුටා ගන්නා ලදී.(https://www.facebook.com/rawana.Kin/posts/1251105138363563)

Comments

Popular posts from this blog

ස්වස්තිකය 卐

ස්වස්තිකය  යනු ලොව ජීවත්වූ කෲරතම මිනිසෙක් භාවිතා කල,මිලියන ගණනක් මනුෂයින් ඝාතනය කල සහ ලොව ඇතිවූ විනාශකාරීම යුද්ධවලින් එකක් නිරූපණය කල ලාංඡනයකි.නමුත් ඇඩොල්ෆ් හිට්ලර් යනු මෙම ලාංඡනය භාවිතා කල පළමු මිනිසා නොවේ.ඔහුට පෙර බලවත් ලාංඡනයක් ලෙස මෙය වසර දහස් ගණනකට පෙර භාවිතා කර තිබේ.වීවිධ සංස්කෘතීන් සහ විවිධ මහද්වීප තුල ස්වස්තිකය යොදාගෙන තිබේ.ඉන්දියාවේ සහ වෙනත් ආසියානු රටවල හින්දූන් සහ බෞද්ධයන් මෙය වැදගත් ලාංඡනයක් ලෙස වසර දහස් ගණනක් තිස්සේ යොදා ගනියි.ස්වස්තිකය තව මත් පන්සල්,බස් රථ ,කුලී රථ සහ පොත්වල පිටකවර වල දක්නට ලැබේ.එය පුරාණ ග් ‍ රීසියේ මෙන්ම ට් ‍ රෝයි නගරයේද පාවිච්චි කර තිබෙන්නේ වසර 4000කට පමණ පෙර දීය. පුරාණ ඩෘවිඩ් සහ කෙල්ටික් ජන වර්ගවල කලා නිර්මාණවල තිබී ස්වස්තික ලාංඡන සොයාගෙන තිබේ.නෝඩික් ගෝත් ‍ රයන් සහ මුල් කාලීන ක් ‍ රිස්තියානුවන් මෙය භාවිතා කර තිබේ.නමුත් ස්වස්තිකය ලාංඡනයක් ලෙස මෙතරම් වැදගත් සහ හිට්ලර් එය භාවිතා කරන්නට හේතුව කුමක්ද?ස්වස්තිකය යනු සංස්කෘත වචනයකි.එහි තේරුම යහපත් පැවැත්ම,සෞභාග් ‍ යය ආදියයි.කෙසේ නමුත් විවිධ රටවල ස්වස්තිකයට වෙනස් නම් භාවිතා කරයි.Wan ලෙස චීනයේද,Manji ලෙ

ලොව පළමු රාජ්‍ය නායකයා "මහා සම්මත මනු රජු"

සිව්හෙළේ පළමු රජු ලෙස හැඳින්වෙන මහාසම්මත මනු රජු අංගම් සටනේ ශූරයෙක් බවට ඉතිහාසය තතු කියයි. මහා සම්මතයෙන් රටට රජ කෙනෙක් තෝරන අවස්ථාවේ, මනු අන් සියල්ලන් පරදවා තම දස්කම් පෙන්වා මහජන මතයට අනුව රටේ කිරුළට හිමිකම් කියයි. අංගම්පොර ගැන පළමුව අසන්නට ලැබෙන්නේ මනු රජු ගැන සඳහන් විස්තර වලිනි. යක්ෂ ගෝත්‍රික රජු පත් කර ගැනීම  යක්ෂ ගෝත්‍රිකයන් මූල් සමයේ බොහොවිට යැපුනේ දඩයමෙනි. පසුව ඔවුන් ගෙන් කොටසක් ගොවිතැනට යොමුවිය. ඔවුන් හැදින්වූයේ අසුර හෙවත් අස්වද්දන්නන් නමිනි.( දේව) නමින් හදුන්වන්නේද ඔවුන්වමය. නාග යනු වෙළද හා වාරි ශල්පයේ නිරතු පිරිසකි. මෙම ගෝත්‍ර ත්‍රිත්වයේම ගමිනි නම් ගම් ප්‍රධානීන් එක්කර ඔවුන්ගේ මහා සම්මතයෙන් පාලකයෙක් පත්කර ගත්තේය. ඔහු සූර්ය වංශික මහාසම්මත මනු නමින් හදුන්යි. මොහුගේ බිසව පෝරුමස්තකයේ දෑගිලි බැද අතපැන් වක්කර විවාහ කරදුන් මැණික්පාලී බිසවයි. ඔහුගේ යටතේ රට ආරක්ෂා කිරීමට සුදුසු ශක්තිමත් හමුදාවක් තැනීය එය රක්ෂස හමුදාව නමින් හදුන්වයි. එය ක්‍රමයෙන් දියුණු වී රක්ෂස ගෝත්‍රය බිහිවිය. මේ අනුව යක්ෂ, අසුර, රක්ෂස, නාග යන සිව්හෙළයේ පළමු රජ මනුවේ. මානව පරිනාමයත් සමග ජනගහනය වැඩිවූ අතර නා