Skip to main content

ස්වස්තිකය 卐


ස්වස්තිකය යනු ලොව ජීවත්වූ කෲරතම මිනිසෙක් භාවිතා කල,මිලියන ගණනක් මනුෂයින් ඝාතනය කල සහ ලොව ඇතිවූ විනාශකාරීම යුද්ධවලින් එකක් නිරූපණය කල ලාංඡනයකි.නමුත් ඇඩොල්ෆ් හිට්ලර් යනු මෙම ලාංඡනය භාවිතා කල පළමු මිනිසා නොවේ.ඔහුට පෙර බලවත් ලාංඡනයක් ලෙස මෙය වසර දහස් ගණනකට පෙර භාවිතා කර තිබේ.වීවිධ සංස්කෘතීන් සහ විවිධ මහද්වීප තුල ස්වස්තිකය යොදාගෙන තිබේ.ඉන්දියාවේ සහ වෙනත් ආසියානු රටවල හින්දූන් සහ බෞද්ධයන් මෙය වැදගත් ලාංඡනයක් ලෙස වසර දහස් ගණනක් තිස්සේ යොදා ගනියි.ස්වස්තිකය තවමත් පන්සල්,බස් රථ ,කුලී රථ සහ පොත්වල පිටකවර වල දක්නට ලැබේ.එය පුරාණ ග්රීසියේ මෙන්ම ට්රෝයි නගරයේද පාවිච්චි කර තිබෙන්නේ වසර 4000කට පමණ පෙර දීය.
පුරාණ ඩෘවිඩ් සහ කෙල්ටික් ජන වර්ගවල කලා නිර්මාණවල තිබී ස්වස්තික ලාංඡන සොයාගෙන තිබේ.නෝඩික් ගෝත්රයන් සහ මුල් කාලීන ක්රිස්තියානුවන් මෙය භාවිතා කර තිබේ.නමුත් ස්වස්තිකය ලාංඡනයක් ලෙස මෙතරම් වැදගත් සහ හිට්ලර් එය භාවිතා කරන්නට හේතුව කුමක්ද?ස්වස්තිකය යනු සංස්කෘත වචනයකි.එහි තේරුම යහපත් පැවැත්ම,සෞභාග්යය ආදියයි.කෙසේ නමුත් විවිධ රටවල ස්වස්තිකයට වෙනස් නම් භාවිතා කරයි.Wan ලෙස චීනයේද,Manji ලෙස ජපානයේද,Fylfot ලෙස එංගලන්තයේද,Hakenkreuz ලෙස ජර්මනියේද,Tetraskelion ලෙස ග්රීසියේද එය හඳුන්වනු ලැබේ.
සංස්කෘත විශාරදයෙක් වන P. R. Sarkar මහතා 1979 වසරේදී කියා තිබෙන්නේ මෙම වචනයේ ගැඹුරු අර්ථය “ස්ථිර ජයග්රහණය” යන්න බවයි.එසේම ඔහුට අනුව ඕනෑම සලකුණක් එය අඳින ආකාරය අනුව ධනාත්මක සහ ඝෘණාත්මක තේරුමක් තිබේය.හින්දු දහමට අනුව දක්ෂිණාවර්ත ස්වස්තිකය විෂ්ණු දෙවියන් සහ හිරු නියෝජනය කරයි.වාමාවර්ත ස්වස්තිකය කාලි සහ මායාව නිරූපණය කරයි.පෞරාණික සම්ප්රදායන්ට අනුව සංකේතයකට ද්විත්ව තේරුම් තිබේ.උදාහරණයකට පස්කොන් තරුව ගත හොත් එහි යටිකුරු ස්වරූපය ඝෘණාත්මක වන අතර උඩුකුරු ස්වරූපය ධනාත්මක තේරුමක් සහිතය.
පැරණිතම ස්වස්තික සලකුණ යුක්ක්රේනයේ මෙසීන් හිදී සොයාගෙන තිබෙන අතර එය ඇත් දළයෙන් නිමවූ ප්රතිමාවක කැටයක් කරන ලද්දකි.එය වසර 12,000ක් පමණ පැරණි බවයි කියවෙන්නේ.ස්වස්තිකය භාවිතා කල පැරණිතම සංස්තෘතිය ලෙස නවශිලා යුගයේ දකුණුදිග යුරෝපය හඳුන්වා දිය හැකිය(වසර 8000කට පෙර).එය අද කාලයේ සර්බියාව,ක්රොයේෂියාව,බොස්නියාව සහ හර්ෂ්ගොවිනා යන රටවල් අයත් භූමිභාගයයි.බෞද්ධාගම තුල ස්වස්තිකය සෞභාග්යය සංකේතවත් කෙරිණි.එය බුද්ධ ප්රතිමාවල යටි පතුලේ සහ හදවතේ කැටයම් කර තිබෙනවා දැකිය හැක.
මෙය රෝමයේ ක්රිස්තියානි උමං සොහොන් තුල දක්නට ලැබේ.එසේම ඉතියෝපියාවේ ගුප්ත Lalibela ශෛලමය පල්ලි තුලද ලෝකය පුරා තවත් පල්ලි තුලද ස්වස්තිකය දැකගත හැකිය.
උතුරු ඇමෙරිකාවේ දකුණු එ.ජ. ප්රදේශවල ජීවත්වූ Navajo නම් ජන වර්ගය ස්වස්තිකය භාවිතා කරන ලදි.ග්රීසියේ විසූ පයිතගරස් නම් නාමය යටතේ ස්වස්තිකය යොදාගෙන තිබෙන අතර එය දිව්යලෝකය සහ පොළොව අතර බැඳීමක් ලෙස සලකන ලදි.දකුණු බාහුව ස්වර්ගයටද වම් බාහුව පෘතුවිය දෙසට යොමුව තිබේ.එය ෆිනීසියන්වරුන් සුර්යයා නිරූපණය කිරීමය සංකේතයක් ලෙස යොදාගෙන තිබේ.
ස්කොට්ලන්තයේ තිබෙන ෆිනීසියානු Craig-Narget පාෂාණයේ සහ ෆිනීසියානු උසස් පුජකවරියක්ගේ ලෝගුවකද ස්වස්තිකය දක්නට ලැබේ.නමුත් නාසීන් විසින් මෙම ජීවිතය සහ සෞභාග්යය නිරූපණය කල වසර දහස් ගණනක් පූජනීය සංකේතයක් ලෙස යොදාගත් ස්වස්තිකය ඝාතන,වද බන්ධන සහ විනාශයන් උදෙසා යොදා ගැනීම තුලින් ඒ කෙරෙහි මිනිසුන් තුල බියමුසු පිළිකුලක් ජනිත කරවිය.

මෙය උපුටා ගන්නා ලද්දකි.

Comments

Popular posts from this blog

ලොව පළමු රාජ්‍ය නායකයා "මහා සම්මත මනු රජු"

සිව්හෙළේ පළමු රජු ලෙස හැඳින්වෙන මහාසම්මත මනු රජු අංගම් සටනේ ශූරයෙක් බවට ඉතිහාසය තතු කියයි. මහා සම්මතයෙන් රටට රජ කෙනෙක් තෝරන අවස්ථාවේ, මනු අන් සියල්ලන් පරදවා තම දස්කම් පෙන්වා මහජන මතයට අනුව රටේ කිරුළට හිමිකම් කියයි. අංගම්පොර ගැන පළමුව අසන්නට ලැබෙන්නේ මනු රජු ගැන සඳහන් විස්තර වලිනි. යක්ෂ ගෝත්‍රික රජු පත් කර ගැනීම  යක්ෂ ගෝත්‍රිකයන් මූල් සමයේ බොහොවිට යැපුනේ දඩයමෙනි. පසුව ඔවුන් ගෙන් කොටසක් ගොවිතැනට යොමුවිය. ඔවුන් හැදින්වූයේ අසුර හෙවත් අස්වද්දන්නන් නමිනි.( දේව) නමින් හදුන්වන්නේද ඔවුන්වමය. නාග යනු වෙළද හා වාරි ශල්පයේ නිරතු පිරිසකි. මෙම ගෝත්‍ර ත්‍රිත්වයේම ගමිනි නම් ගම් ප්‍රධානීන් එක්කර ඔවුන්ගේ මහා සම්මතයෙන් පාලකයෙක් පත්කර ගත්තේය. ඔහු සූර්ය වංශික මහාසම්මත මනු නමින් හදුන්යි. මොහුගේ බිසව පෝරුමස්තකයේ දෑගිලි බැද අතපැන් වක්කර විවාහ කරදුන් මැණික්පාලී බිසවයි. ඔහුගේ යටතේ රට ආරක්ෂා කිරීමට සුදුසු ශක්තිමත් හමුදාවක් තැනීය එය රක්ෂස හමුදාව නමින් හදුන්වයි. එය ක්‍රමයෙන් දියුණු වී රක්ෂස ගෝත්‍රය බිහිවිය. මේ අනුව යක්ෂ, අසුර, රක්ෂස, නාග යන සිව්හෙළයේ පළමු රජ මනුවේ. මානව පරිනාමයත් සමග ජනගහනය වැඩිවූ අත...

ලංකාපුර කදුකරයේ යක්ඛ ගෝත්‍රික ජනාවාස

කඳුවැටි ආශ්‍රිතව ගොඩ නැගූ එකල ශිෂ්ඨාචාර පිලිබදව සාකච්චාකරණ විට ඒය ප්‍රාග් ඓයිතිහාසික යුගය තෙක් දිව යන බව පැහැදිලි වෙයි. එ තුලින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ පිදුරුතලාගල, කිකිලියාමාන හක්ගල හා මහ කුඩුගල මාතලේ, රත්නපුරය, මහනුවර රජධානින් උස් ගිනි ශිඛර වල පැතිර තිබූ බවට ඉපැරෙණි මූලශ්‍ර වලින් කියවේ.මේ ප්‍රදේශයට අයත් දේවගිරිය , සහ දාස්ගිරිය ආදී ඉපැරෙණි ගම්වල ඈත අතීතයේ යක්ෂ හා දේව ගෝත්‍රිකයන් විසූ බවට සාක්ෂි හමුවී ඇත. මේ ලංකාපුරය සීගිරිය දක්වා විහිදී ගිය අතර පසු කලෙක රාවණා රජු සිය අග්‍ර මාලිගය ලෙසද ප්‍රයෝජනයට ගෙන ඇත්තේද මෙම සිංහ ගිරි පර්වතයයි.(සීගිරිය පිලිබදව දීර්ඝ ලිපියක් ඉදිරියේදී අප ඔබ වෙත ගෙන එන්නෙමු ).මෙහි සුවිශේෂි කොටස නම් ලග්ගල ප්‍රදේශයත් මේ සදහා සාක්කි දැරීමයි ,සීගිරියේ සිට ලග්ගල වෙත ඇත්තේ ගුවන් සැතපුම් කිහිපයකි.මෙය එකල මහ රජතුමන් ගමනා ගමනය සදහා දඩුමොණර යාන්ත්‍රනය භාවිතා කිරීම නිසා අප මෙය ගුවන් සැතපුම් වලින් සදහන් කලෙමු. ලග්ගල කඳු වැටිය මේ ප්‍රදේශය ඈත අතීතයේ ආදිවාසීන්ගේ ගේ රජ දහනකි,සෙල්ලිපි වල "ලක"ඇතැම් වංශ කතාවලද නිශාද , ශඛර , ව්‍යාධ , මිලඛ ,කිරාත සිංහලයේ මලද , මිල...

රාවණා රජු හා කතරගම දෙවියන්ගේ නොවිසදුන සම්බන්ධය

රාවණා පිළිබඳව ඔබ අසා ඇත. රාවණා ප්‍රාග් ඓතිහාසික යුගය තුළ ශ්‍රී ලංකාවේ විසූ නරපතියෙකු ලෙස ඇතැම්හු හැඳිනගනිති. ඇතැම්හු රාවණා මනුෂ්‍යත්වය ඉක්මවූ දෙවියෙකු ; සුරයෙකු වශයෙන්ද සලකති. ඔහු දෙවියෙකු වශයෙන් සැලකීමට හේතුව ඔහු පිළිබඳව සඳහන් වන පුරාණ විස්තරවල ඔහු විසින් සිදු කරන ලද සාමාන්‍ය මනුෂ්‍යත්වය ඉක්මවූ ක්‍රියාවන්ය. සාමාන්‍ය මනුෂ්‍යත්වයට පොදු වූ දුර්වලතා බැහැර කරන ලද අතිවිශිෂ්ට මනුෂ්‍යයෙකු වශයෙන් ඇතැම්හු රාවණා පිළිගනිති. රාවණා විසින් විදහා දක්වන ලද අධි මානුෂික ක්‍රියා හේතුවෙන් ඇතැම්හු ඔහු මනඃකල්පිත චරිතයක් යැයි උපකල්පනය කිරීමට පවා සැහැසි වෙති. රාවණා අපට මේ අයුරින් ළං වී ඇත්තේ මන්ද? රාවණා අපගේ මුතුන් මිත්තෙකු වශයෙන් පිළිගැනීමට අපට ඇති අයිතිය කුමක්ද? යනා දී ගැටලුවට පිළිතුරු සපයා ගතහොත් රාවණා සම්බන්ධව දැනට ඔබ තුළ පවතින ඇතැම් විශ්වාස හා ආකල්පවල සත්‍ය අසත්‍යතාව පිළිබඳව ඔබට තීරණයකට එළඹිය හැකිවනු ඇත. කෙසේ වුවද රාවණා හා ලංකාපුරය අතර පවතින සබඳතාව අවිච්ඡින්න වනු ඇත. රාවණා යන නාමය යම් කිසි මූලයක් සහිතව උපන් බව පෙනේ. මෙහිදී ‘රා’ යන්නෙන් සූර්යයා සංකේතවත් වන අතර ‘වණ’ යන්නෙන් පරම්පරාව හෝ වංශය යන්න සංකේත...