Skip to main content

සිවු හෙලයේ මහා පඩිරුවණ "පුලතිසි සෘෂි"


ශ්‍රී මහා රවණරජුගේ පියාගේත් පියා (මුත්තණුවන්) පුලතිසි සෘශිවරයන් ලෙස සැලකෙන අතරම අග්‍ර ගණයේ පඩිවරයෙක් දාර්ශණිකයෙක් මෙන් ම හෙල මහා ඉතිහාසයක ලොවට දායද කල හෙලයන්ගේ වෙදකමටද වැඩි දියුණු කොට හෙල වෙදකම මෙය යයි ලොවට ජනිත කරීමේ අයිතියද පුලතිසි ඇදුරාණන් වෙත දිව යන්නේය.
එතුමාගේ වාසභූමිය වූයේ වත්මන් පොලොන්නරුව ය, කල්ප 20 ක් අතීතය හා අනාගතය දැකිය හැකි මහා තාරකා ව්ද්‍යාඥයෙක් වූ මහා පුලතිසි සෘශිවරයාණන් විවාහ වුයේ යක්ඛ ගෝත්‍රික කන්‍යාවක් සමගය.
එකල තිබූ චාරිත්‍රානු කූලව වැඩිවියට පත් නොවු එනම් වැඩිවියට පත්වීමට පෙර කන්‍යාවක් විවාහයට සරණ පාවා ගැනීම චාරිත්‍රයක් ලෙස පැවත ඇත.
කන්‍යයා ස්ත්‍රීයක් සරණපාවා ගැනීමෙන් මහලු පුරුෂයෙක්ගෙ වුවවද දීර්ඝායුශ ලැබන බව් භාරතීය වෛද්‍ය මතයකි.(මිරෙන්ඩො ඔබේසේකර ශූරීන්ගේ ග්‍රන්ථ වලද එය සදහනක් තබා ඇත.) ස්ත්‍රීයගේ වයස අවුරුදු 8 දක්වානම් ගෞරී නමින්ද , වයස 9 දී රෝහිණී නමින්ද , දස වැනි වසරේ කන්‍යා නමින්ද එකල හැදුන්වූහ.
යක්ෂ කන්‍යාවක් සමග පුලතිසි සෘශිවරයාගෙන් ලැබුණ වැඩ්මහල් පුත්‍රයා විශ්‍රවස්මුණි ය.මේ යක්ෂ කන්‍යාව ස්නානය කළ ස්ථානය වත්මන් කින්නියාවයි එම උණුදිය ළිං ලෙස ජනශ්‍රැතිය තුල ඇත.
එකල භාරතය හා ලංකා දීපය තුල සිටි මහා සෘශිවරු 5 දෙනාගෙන් ශ්‍රේෂඨ තැන ලැබුවේ පුලතිසි සෘශිවරයාය. ආර්යුවේද වෙදකමේ නිර්මාතෘවරයෙක් වු සහ අත්‍රී සෘශිවරු මෙලොව ජීවත් වුයේ අවසාන භාගයේ යැයි ආර්යුවේද ව්‍යාකරණයේ කියයි.
" අත්‍රී යුගයේ චෛව
ත්‍රෙතායං චරකොමතඃ
මාපරේ සුශ්‍රැතඃ
කලෞ වාග්භට සංහිතා"
පුලතිසි, භෘග්‍ර, අත්‍රී මරිච,අංගීරස,පුලාන කුත්‍ර, මනු, දක්ෂ , වශිෂ්ට යන සත් මහා සෘශීන් මුලු ලොව පාලනය කල අතර සලක විධි කලා ශාස්ත්‍රයන්ට ඔවුහු අධිපති වූහ.
ක්‍රි.පු 1700 සිට ක්‍රි.පු 1800 දක්වා පුලතිසි සෘශිවරයා ගේ පුතුන් දෙදනා ලක්දිව පාලනය කළ බැව් "ගුරු භාෂිතය හා ශ්‍රී ලංකාදීප වර්ණනා" ග්‍රන්ථයේ සදහන්ව ඇති බැවින් රාවණ රජු ජීවත් වූ යුගය පමණක් නොව පුලතිසි යුගයද ඉතා පහසුවෙන් සොයාගත හැක.
පුලතිසි මහා සෘශිවරයා ඇවෑමෙන් ඔහුගේ සාහිත්‍යය පර්යේෂණ ග්‍රන්ථ වල එකම හිමිකාරයා වුයේ ඔහුගේ මුනුබුරා වු රාවණ මහ රජතුමා ය.
වෛද්‍ය ශිරෝමණී යනුවෙන් එතුමා හැදින්වුයේ වෛද්‍ය විද්‍යාව අතින් හසල බුද්ධියක්,විශාරද භාවයක් එතුමාට තිබූ නිසාය.විද්‍යාව අතින් එකල ශ්‍රී ලංකාවට ලෝකයේ උසස් ම තැන ලැබුණේ මහා විද්‍යාඥයෙක් වූ රාවණ රජු නිසා බව ලොවට කියා පාන්නට හෙලයන්ට අහීත අයිතියක් ඇත.
සින්දුරම් නොහොත් රස වෛදය විද්‍යාවේ පියා ලෙස ද රාවණා රජු ලෙස සැලකේ. රස වෙදකම යනු ඉතාමත් සියුම් හා පරිස්සම් සහගත වෙදකමක් ලෙස හෙල ග්‍රන්ථ වල සදහන් වන අතර ඒ සදහා වටිනා ලෝහ වර්ග ද යොදා ගනී. මෙම ශාස්ත්‍රය දන්නා වෙදමහතුන් කිහිපදෙනෙක් අප කණ්ඩායම වෙත අදහස් දැක්වුයේ අප මවිත කරමින්ය.
රාවණ රජ තුමන් හෙල වෙදකම සක් සුදක් සේ දන්නා ඥාවතෙක් වුවාය එබැවින් රාවණ රජු තෙමේ වෛද්‍ය ශාෂ්ත්‍රය පිලිබදව ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ රැසක් නිර්මාණය කලේය..
අක්ක්‍ර ප්‍රකාෂය, නාඩි ප්‍රකාෂය ,අග්නි තන්ත්‍රය ,කුමාර තන්ත්‍රය,උඩ්ස් තන්ත්‍රය, ආදී වෛද්‍ය ග්‍රන්ථ රාවණ නිරිදුන්ගේ පොත්පත් ගැන අතර විශේෂ තැනක් ගනී
අක්ක්‍ර ප්‍රකාශය වෛද්‍ය ග්‍රන්ථය ශ්ලෝක 1000 කින් සමන්විත වු අතර මද්‍යසාර පෙරීමේ මුල ධර්මය ඇතුලත් ලෝකයේ පැරණිතම ග්‍රන්ථය එය බැව් රාජකීය පණ්ඩ්ත් කිරිඇල්ලේ ඥානවිමල හිමියන්ගේ අක්ක්‍ර ප්‍රකාශයේ පෙරවදනෙන් හෙලිදරවු
වන්නේ මෙම පොත්පත් සියල්ල තුල ඇති මහා දැනුම් සම්භාරය කුමක්දැයි සවීමටද අප රාවණ තොරතුරු රැස් කිරීමේ කණ්ඩායම තුලට ආසවක් හා අලුත් ප්‍රවේශයක් ලබා දෙමින්ය.
තොරතු සපයා ගැනීම - මහාචාර්‍ය මිරෙන්ඩෝ ඔබේසේකර ශූරීන්ගේ ග්‍රන්ථ තුලින් හා ආචාර්ය - පුරාවිද්‍යා පරීශක -පාලිත මැතිදුන්.
ඡායාරූප පමණක් උපුටා ගැනීමකි
slchnet.wordpress.com
Rawana (@rawana.kin) Facebook පිටුවෙන් උපුටා ගන්නා ලදී.(https://www.facebook.com/rawana.Kin/posts/1251105138363563)

Comments

Popular posts from this blog

ලොව පළමු රාජ්‍ය නායකයා "මහා සම්මත මනු රජු"

සිව්හෙළේ පළමු රජු ලෙස හැඳින්වෙන මහාසම්මත මනු රජු අංගම් සටනේ ශූරයෙක් බවට ඉතිහාසය තතු කියයි. මහා සම්මතයෙන් රටට රජ කෙනෙක් තෝරන අවස්ථාවේ, මනු අන් සියල්ලන් පරදවා තම දස්කම් පෙන්වා මහජන මතයට අනුව රටේ කිරුළට හිමිකම් කියයි. අංගම්පොර ගැන පළමුව අසන්නට ලැබෙන්නේ මනු රජු ගැන සඳහන් විස්තර වලිනි. යක්ෂ ගෝත්‍රික රජු පත් කර ගැනීම  යක්ෂ ගෝත්‍රිකයන් මූල් සමයේ බොහොවිට යැපුනේ දඩයමෙනි. පසුව ඔවුන් ගෙන් කොටසක් ගොවිතැනට යොමුවිය. ඔවුන් හැදින්වූයේ අසුර හෙවත් අස්වද්දන්නන් නමිනි.( දේව) නමින් හදුන්වන්නේද ඔවුන්වමය. නාග යනු වෙළද හා වාරි ශල්පයේ නිරතු පිරිසකි. මෙම ගෝත්‍ර ත්‍රිත්වයේම ගමිනි නම් ගම් ප්‍රධානීන් එක්කර ඔවුන්ගේ මහා සම්මතයෙන් පාලකයෙක් පත්කර ගත්තේය. ඔහු සූර්ය වංශික මහාසම්මත මනු නමින් හදුන්යි. මොහුගේ බිසව පෝරුමස්තකයේ දෑගිලි බැද අතපැන් වක්කර විවාහ කරදුන් මැණික්පාලී බිසවයි. ඔහුගේ යටතේ රට ආරක්ෂා කිරීමට සුදුසු ශක්තිමත් හමුදාවක් තැනීය එය රක්ෂස හමුදාව නමින් හදුන්වයි. එය ක්‍රමයෙන් දියුණු වී රක්ෂස ගෝත්‍රය බිහිවිය. මේ අනුව යක්ෂ, අසුර, රක්ෂස, නාග යන සිව්හෙළයේ පළමු රජ මනුවේ. මානව පරිනාමයත් සමග ජනගහනය වැඩිවූ අත...

ලංකාපුර කදුකරයේ යක්ඛ ගෝත්‍රික ජනාවාස

කඳුවැටි ආශ්‍රිතව ගොඩ නැගූ එකල ශිෂ්ඨාචාර පිලිබදව සාකච්චාකරණ විට ඒය ප්‍රාග් ඓයිතිහාසික යුගය තෙක් දිව යන බව පැහැදිලි වෙයි. එ තුලින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ පිදුරුතලාගල, කිකිලියාමාන හක්ගල හා මහ කුඩුගල මාතලේ, රත්නපුරය, මහනුවර රජධානින් උස් ගිනි ශිඛර වල පැතිර තිබූ බවට ඉපැරෙණි මූලශ්‍ර වලින් කියවේ.මේ ප්‍රදේශයට අයත් දේවගිරිය , සහ දාස්ගිරිය ආදී ඉපැරෙණි ගම්වල ඈත අතීතයේ යක්ෂ හා දේව ගෝත්‍රිකයන් විසූ බවට සාක්ෂි හමුවී ඇත. මේ ලංකාපුරය සීගිරිය දක්වා විහිදී ගිය අතර පසු කලෙක රාවණා රජු සිය අග්‍ර මාලිගය ලෙසද ප්‍රයෝජනයට ගෙන ඇත්තේද මෙම සිංහ ගිරි පර්වතයයි.(සීගිරිය පිලිබදව දීර්ඝ ලිපියක් ඉදිරියේදී අප ඔබ වෙත ගෙන එන්නෙමු ).මෙහි සුවිශේෂි කොටස නම් ලග්ගල ප්‍රදේශයත් මේ සදහා සාක්කි දැරීමයි ,සීගිරියේ සිට ලග්ගල වෙත ඇත්තේ ගුවන් සැතපුම් කිහිපයකි.මෙය එකල මහ රජතුමන් ගමනා ගමනය සදහා දඩුමොණර යාන්ත්‍රනය භාවිතා කිරීම නිසා අප මෙය ගුවන් සැතපුම් වලින් සදහන් කලෙමු. ලග්ගල කඳු වැටිය මේ ප්‍රදේශය ඈත අතීතයේ ආදිවාසීන්ගේ ගේ රජ දහනකි,සෙල්ලිපි වල "ලක"ඇතැම් වංශ කතාවලද නිශාද , ශඛර , ව්‍යාධ , මිලඛ ,කිරාත සිංහලයේ මලද , මිල...

රාවණා රජු හා කතරගම දෙවියන්ගේ නොවිසදුන සම්බන්ධය

රාවණා පිළිබඳව ඔබ අසා ඇත. රාවණා ප්‍රාග් ඓතිහාසික යුගය තුළ ශ්‍රී ලංකාවේ විසූ නරපතියෙකු ලෙස ඇතැම්හු හැඳිනගනිති. ඇතැම්හු රාවණා මනුෂ්‍යත්වය ඉක්මවූ දෙවියෙකු ; සුරයෙකු වශයෙන්ද සලකති. ඔහු දෙවියෙකු වශයෙන් සැලකීමට හේතුව ඔහු පිළිබඳව සඳහන් වන පුරාණ විස්තරවල ඔහු විසින් සිදු කරන ලද සාමාන්‍ය මනුෂ්‍යත්වය ඉක්මවූ ක්‍රියාවන්ය. සාමාන්‍ය මනුෂ්‍යත්වයට පොදු වූ දුර්වලතා බැහැර කරන ලද අතිවිශිෂ්ට මනුෂ්‍යයෙකු වශයෙන් ඇතැම්හු රාවණා පිළිගනිති. රාවණා විසින් විදහා දක්වන ලද අධි මානුෂික ක්‍රියා හේතුවෙන් ඇතැම්හු ඔහු මනඃකල්පිත චරිතයක් යැයි උපකල්පනය කිරීමට පවා සැහැසි වෙති. රාවණා අපට මේ අයුරින් ළං වී ඇත්තේ මන්ද? රාවණා අපගේ මුතුන් මිත්තෙකු වශයෙන් පිළිගැනීමට අපට ඇති අයිතිය කුමක්ද? යනා දී ගැටලුවට පිළිතුරු සපයා ගතහොත් රාවණා සම්බන්ධව දැනට ඔබ තුළ පවතින ඇතැම් විශ්වාස හා ආකල්පවල සත්‍ය අසත්‍යතාව පිළිබඳව ඔබට තීරණයකට එළඹිය හැකිවනු ඇත. කෙසේ වුවද රාවණා හා ලංකාපුරය අතර පවතින සබඳතාව අවිච්ඡින්න වනු ඇත. රාවණා යන නාමය යම් කිසි මූලයක් සහිතව උපන් බව පෙනේ. මෙහිදී ‘රා’ යන්නෙන් සූර්යයා සංකේතවත් වන අතර ‘වණ’ යන්නෙන් පරම්පරාව හෝ වංශය යන්න සංකේත...