ස්වස්තිකය යනු ලොව ජීවත්වූ කෲරතම මිනිසෙක් භාවිතා කල,මිලියන ගණනක් මනුෂයින් ඝාතනය කල සහ ලොව ඇතිවූ විනාශකාරීම යුද්ධවලින් එකක් නිරූපණය කල ලාංඡනයකි.නමුත් ඇඩොල්ෆ් හිට්ලර් යනු මෙම ලාංඡනය භාවිතා කල පළමු මිනිසා නොවේ.ඔහුට පෙර බලවත් ලාංඡනයක් ලෙස මෙය වසර දහස් ගණනකට පෙර භාවිතා කර තිබේ.වීවිධ සංස්කෘතීන් සහ විවිධ මහද්වීප තුල ස්වස්තිකය යොදාගෙන තිබේ.ඉන්දියාවේ සහ වෙනත් ආසියානු රටවල හින්දූන් සහ බෞද්ධයන් මෙය වැදගත් ලාංඡනයක් ලෙස වසර දහස් ගණනක් තිස්සේ යොදා ගනියි.ස්වස්තිකය තව මත් පන්සල්,බස් රථ ,කුලී රථ සහ පොත්වල පිටකවර වල දක්නට ලැබේ.එය පුරාණ ග් රීසියේ මෙන්ම ට් රෝයි නගරයේද පාවිච්චි කර තිබෙන්නේ වසර 4000කට පමණ පෙර දීය. පුරාණ ඩෘවිඩ් සහ කෙල්ටික් ජන වර්ගවල කලා නිර්මාණවල තිබී ස්වස්තික ලාංඡන සොයාගෙන තිබේ.නෝඩික් ගෝත් රයන් සහ මුල් කාලීන ක් රිස්තියානුවන් මෙය භාවිතා කර තිබේ.නමුත් ස්වස්තිකය ලාංඡනයක් ලෙස මෙතරම් වැදගත් සහ හිට්ලර් එය භාවිතා කරන්නට හේතුව කුමක්ද?ස්වස්තිකය යනු සංස්කෘත වචනයකි.එහි තේරුම යහපත් පැවැත්ම,සෞභාග් යය ආදියයි.කෙසේ නමුත් විවිධ රටවල ස්වස්තිකයට වෙනස් නම් භාවිතා කරයි.Wan ලෙස චීනයේද...
සිව්හෙලේ උරුමය සොයායන මහා ගවේෂණය...